පරිගණක ක්‍රමලේඛණය (Computer programming)
මොකද්ද මේ පරිගණක ක්‍රමලේඛණය කියන්නේ.
ඇත්තටම පරිගණකයක තියෙන විශ්ෂත්වය තමා අපිට ඕනේ විදිහට උපදෙස් දීලා අපිට ඕනේ දෙයක් කරගන්න පුළුවන් වීම.හැබැයි මිනිස්සු විදිහට අපි කහකාන භාෂාවන් වලින් කියන දේවල් පරිගණකයට තේරුම්ගන්න බැහැ .මේකට හේතුව තමා පරිගණකයක බවිතවෙනේ යාන්ත්‍රික භාෂාව වීම.
ඒ කියන්නේ 0,1 පාවිච්චිකරලා තම මේ භාෂාව හදල තියෙන්නේ.වෝල්ටීයතාව 2.0ත් 5.0 ත් අතර අවස්තාවක් නම් 1 ලෙසත් 2.0 ට අඩු නම් 0 ලෙසත් හදුනාගන්නවා.මෙන්න මෙ වොල්ටියතා මට්ටම් වෙනස් කරලා තම අපි පරිගණකයට උපදෙස් දෙන්නේ.මේ පහලින් තියෙන්නේ ඒ වගේ රුපයක්.බැලුබැල්මටම ඔයාට පැහැදිලි වෙනවා ඇති මේක තේරුම් ගන්න කොයි තරම් අපහසුද කියන එක .
මේක තේරුම් ගන්න කොච්චර අමාරු උනත් අපිට පරිගණකයට උපදෙස් දෙන එක කරන්නම වෙනවා. එහෙම නැතුව අපිට පරිගණකය භාවිතා කරලා කිසිම වැඩක් කරන්න බෑ.ඔයාලට පැහැදිලිවම තේරෙනවා ඇති පරිගණකයේ තියෙන්නෙ යාන්ත්‍රික භාෂාව .හැබැයි අපි භාවිතා කරන්නේ යාන්ත්‍රික භාෂාවට වඩා දියුණු භාෂාවක් .ඒ භාෂාව ගොඩක් පැහැදිලි සරලයි .නමුත් පරිගණකයට මේ මිනිස්සු භාවිතා කරන උසස් මට්ටමේ භාෂාව තේරුම් ගන්න බෑ.මේ හේතුව නිසා පරිගනකයට අපේ භාෂාවෙන් තියෙන දේවල් තේරුම් කරන්න මොකක්ම හරි උපක්‍රමයක් යොදන්න ඕනෙ.
ඔයාලට මතක ඇති මම මුලින් කිව්වා පරිගණකයට තේරුම් ගන්න පුලුවන් වෙ න්නේ යාන්ත්‍රික භාෂාව විතරයි කියලා .ඒ කියන්නේ 0 හෝ 1 කියන සංඛ්‍යා දෙක මගින් නිර්මාණ වෙලා තියෙන භාෂාවක්. හැබැයි උඩින් දාලා තියෙන රූපය තුල පේනවා ඇති 0 වත් 1 වත් ඒ තුල අන්තර්ගත නොවන බව . ඒකෙ තියෙන්නෙ අපිට පුරුදු ඉංග්‍රීසි භාෂාව. මම මුලින් කියපු කාරණාවත් එක්ක කොහොමද පරිගණකය මේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියලා තියෙන්නේ කේතය තේරුම් ගන්නේ.
ඔයාලට පැහැදිලි ඇති යාන්ත්‍රික භාෂාව මිනිස්සුන්ට තේරුම් ගන්න බෑ. මිනිස්සු පාවිච්චි කරන උසස් මට්ටමේ භාෂාවක් පරිගණකයට තේරුම් ගන්න බෑ .මේ හේතුව නිසා මෙහි පරිගණක භාෂාව තුළ භාෂා පරිවර්තකයකු නමින් හඳුන්වන මෘදු කාංගයක් තියෙනවා .එම මෘදුකාංගය මගින් කරන්නේ උසස් මට්ටමේ භාෂාවක වචන භාවිතා කරමින් යොදා ඇති විධාන යාන්ත්‍රික භාෂාවෙන් කේත බවට පරිවර්තනය කර මධ්‍ය සැකසුම් ඒකකයට ලබාදී එය සකස් කර යාන්ත්‍රික භාෂාවෙන් ලැබෙන ප්‍රතිඵල නැවත මිනිසාට තේරුම් ගත හැකි වන ලෙස උසස් මට්ටමේ භාෂාවක වචන වලින් නැවත තිරය මත මුද්‍රණය කිරීමයි.
තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ,භාෂා පරිවර්තකයකු මගින් සිදු වන්නේ යම්කිසි භාෂාවන් දෙකක් අතර අතරමැදියකු ලෙස කටයුතු කරමින් එම භාෂා දෙක අතර සන්නිවේදනය කිරීමයි .නිදසුනක් ලෙස දෙමළ පමණක් දන්න පුද්ගලයකු සහ සිංහල පමණක් දන්න පුද්ගලයෙකු අතර පහසුවෙන් සන්නිවේදනය කිරීමට නම් සිංහල සහ දෙමළ යන භාෂා දෙකම හොඳින් දන්න පුද්ගලයෙකු අවශ්‍ය වේ. එලෙසම මෙහිදීත් යාන්ත්‍රික භාෂාව සහ උසස් මට්ටමේ මිනිස් භාෂාවන් තේරුම් ගත හැකි පරිවර්තකයකු මගින් යාන්ත්‍රික භාෂාවේ විධාන මිනිස් භාෂාවේ විධාන බවට පරිවර්තනය කිරීමත් මිනිස් භාෂාවෙන් ලැබෙන විධාන පරිගණකයට තේරුම් ගත හැකි ලෙස යාන්ත්‍රික භාෂාවේ විධාන බවටත් පරිවර්තනය කිරීම සිදු කරයි.

👍👍👍👍👍
ReplyDeleteWe welcome everyone to our website! We are devoted to helping adults of all ages achieve their educational goals. please visit our website tutor Calgary site.
ReplyDeleteThe best casinos in Washington State - GoYoFC
ReplyDeleteWhat are 홀덤 족보 the 골드머니 casinos near Washington State? · Hollywood Casino at Penn National Race Course 바카라커뮤니티 · Ameristar 슈 의 캐릭터 슬롯 머신 Casino at Harrah's Pocono · Fairfield Casino at Bingo 1xbet 후기