පරිගණක් ජාලයක යනු කුමක්ද?
සරලවම කියනවා නම් එකිනෙක පහසුවෙන් සන්නිවේදනය කරන්න පුළුවන් වෙන විදිහට පරිගණක එකකට වඩා වැඩි ප්‍රමාණයක් රැහැන් මගින් හෝ රැහැන් රහිතව සම්බන්ද කරනවා නම් අපි ඒකට කියනවා පරිගණක ජාලයක් (Computer Network) කියලා .

මේකෙදි විශේෂයෙන්ම දැනගන්න ඕන කරන දෙයක් තමා පරිගණක විතරක්ම නෙවෙයි අපට ජාලගත කරන්න පුළුවන් වෙන්නේ.
- පරිගණක (Computer)
- දුරකථන (Tel phone)
- රූපවාහිනි (TV)
- මුද්‍රණ යන්ත්‍ර (Printers)
- සුපරීක්ෂක (Scanners)
ඔය උඩින් කියල තියෙන්නේ ජාලගත කරන්න පුළුවන් උපකරණ කිහිපයක් විතරයි.තවත් ගොඩක් තියනවා කියල මතක තියාගන්න.
පරිගණක ජාලයක සංරචක
01.සේවාදායක පරිගණකය (Server computer)
ජාලයක තියන පරිගණක වර්ග දෙකක් තියනවා.එක වර්ගයක් තියනවා ඒවගෙන් කරන්නේ ජාලයේ තියෙන අනික් පරිගණක සහ අනෙකුත් උපාංග වලට අවශ්‍ය කරන ලබාදෙන එක.මේවට අපි කියනවා සේවාදායක කියලා (Sever computer ).මේවා ගොඩක් මිලෙන් සහ කාර්යක්ෂමතාවෙන් ඉහල පරිගණක වර්ගයක්.
02.සේවාලාභී පරිගණකය(Client computer)
අනෙක් වර්ගය තමා සේවා ලාභී පරිගණක (Client Computer).ඒ කියනේ සේවාදායක පරිගණක (Server )මගින් ලබාදෙන සේවාවන් ලබාගන්නා පරිගණක .මේවා ගොඩාක් වෙලාවට සාමාන්‍ය භාවිතයේ පවතින පරිගණක.
03.ජාල අතුරුමුහුණත් (Network interfaces)
ඔයාට ඔයාගේ පරිගණකය ජාලයකට සම්බන්ද කරන්න උවමනා උන විටකදී මෙම අතුරු මුහුණත බාවිතා කරලා ඔයාට ඒ වැඩේ පුළුවන්.මේ Port එක් විදිහට ගන්නත් පුළුවන්.එහෙම නැත්නම Wi-Fi adapter එකක් සවිකර ගන්නත් පුළුවන්.Port එකක් විදිහට ගන්නවා නම් පරිගණකයක් රැහැන් සහිත ජාලයකට සම්බන්ද කරන විටදී අපට ප්‍රයෝජනවත් වෙනවා.
04. සම්බන්ධතා මාධ්‍යය (Connection medium )
ප්‍රධාන වශයෙන් අපිට ජාලයක් නිර්මාණය කරන්න පුළුවන් ආකාර දෙකක් තියනවා .එකක් තමා රැහැන් රහිත ක්‍රමය.අනික් එක තමා රැහැන් සහිත ක්‍රමය .මෙන්න මේ ක්‍රම දෙක්කේදී උපකරණ අතර සම්බන්දතාවය ගොඩනගන ආකාරයට තමා අපි කියන්නේ
( Connection medium) කියල කියන්නේ.
01. Radio signal (Wi-Fi,Bluetooth,Wi-Max,Infrared)
02.Wire
a)Twisted pair
b)Coaxial cable
c)Fiber-optic cable
05.ජාල මෙහෙයුම් පද්ධතිය ( Network operating system)
මේකත් හරියට පරිගණක මෙහෙයුම්පද්දතිය වගේම තමා.මේකෙදි වෙන්නේ ජාලයක තියන උපාංග අතර සම්බන්දතාවය කළමනාකරණය කරන එක .උපකරණ අතර සම්බන්දතාවය සුරැකීම ,දත්ත නිසි ආකරව සම්ප්‍රේෂණය කිරීම ,සම්මත නීති මගින්, දත්ත වලට හානි වීම වැලක්වීම වගේ දේවල් තම මේකෙන් කරන්නේ.
06. Hub or switch

උඩින් තියන රූපෙ ඔයාලට පේනවා ඇති රවුම් කරලා තියන උපකරණයක් .switch එකකින් කරන්නේ මෙන්න මේ විදිහට ජලයේ තියන උපාංග අතර සම්බන්දතාවය ගොඩනගල දෙන එක.සියලුම උපකරණ සම්බන්ද කරන්නේ switch එකට.Hub එකත් මේ වගේම තමා.
හැබැයි මේ දෙක අතර පොඩි වෙනසක් තියනවා .ඒ තමා Hub එකකට බැහැ ජාලයේ තියෙන උපාංග වෙන වෙනම අනන්‍යව (uniquely identify) හදුනාගන්න බැහැ .Switch එකට පුළුවන් එකට සම්බන්ද කරලා තියන උපාංග වෙන වෙනම අනන්‍යව හදුනාගන්න.
07.Routers
මේකෙන් කරන්නේ ජාල දෙකක් අතර සම්බන්දතාවය ගොඩනගන අතරම සම්ප්‍රේශනය කරන Data එක යවන්න අවශ්‍යම තැනට යවන්න වගබලගන්නෙත් මෙයා විසින්.
08. ගිනි පවුර (Firewall)
ගිනි පවුර මගින් කරන්නේ ජාලයක තියන උපාංග ජලයට පිටතින් එන අනිසි සම්බන්දතා වලින් ආරක්ෂා කරන එක.Hacker කෙනෙක්ට ජලයට අතුලුවෙන්න ඕනේ නම් මේ ගිනිපවුර බිදින්න වෙනවා.ඒ කියන්නේ ජාලය ආරක්ෂා කරගන්නේ මෙයා.
*********** මේ පාඩම සම්පුර්ණයෙන්ම ගේනවා.Post එක ගොඩක් දිග වැඩිවෙන හින්දා මෙතනින් නවතිනවා.***********

![]() |

Comments
Post a Comment