Skip to main content

                                                        පරිගණක ක්‍රමලේඛණය (Computer programming)

මොකද්ද මේ පරිගණක ක්‍රමලේඛණය  කියන්නේ.

ඇත්තටම පරිගණකයක තියෙන විශ්ෂත්වය තමා අපිට ඕනේ විදිහට උපදෙස් දීලා අපිට ඕනේ දෙයක් කරගන්න පුළුවන් වීම.හැබැයි මිනිස්සු විදිහට අපි කහකාන භාෂාවන් වලින් කියන දේවල් පරිගණකයට තේරුම්ගන්න බැහැ .මේකට හේතුව තමා පරිගණකයක බවිතවෙනේ යාන්ත්‍රික භාෂාව වීම.

                                                               ඒ කියන්නේ 0,1 පාවිච්චිකරලා තම මේ භාෂාව හදල තියෙන්නේ.වෝල්ටීයතාව  2.0ත් 5.0 ත් අතර අවස්තාවක් නම් 1 ලෙසත් 2.0 ට අඩු නම් 0 ලෙසත් හදුනාගන්නවා.මෙන්න මෙ වොල්ටියතා මට්ටම් වෙනස් කරලා තම අපි පරිගණකයට උපදෙස් දෙන්නේ.මේ පහලින් තියෙන්නේ ඒ වගේ රුපයක්.බැලුබැල්මටම ඔයාට පැහැදිලි වෙනවා ඇති මේක තේරුම් ගන්න කොයි තරම් අපහසුද කියන එක .


මේක තේරුම් ගන්න කොච්චර අමාරු උනත් අපිට පරිගණකයට උපදෙස් දෙන එක කරන්නම වෙනවා. එහෙම නැතුව අපිට පරිගණකය භාවිතා කරලා  කිසිම වැඩක් කරන්න බෑ.ඔයාලට පැහැදිලිවම තේරෙනවා ඇති පරිගණකයේ තියෙන්නෙ යාන්ත්‍රික භාෂාව .හැබැයි අපි භාවිතා කරන්නේ යාන්ත්‍රික භාෂාවට වඩා දියුණු භාෂාවක් .ඒ භාෂාව ගොඩක් පැහැදිලි සරලයි .නමුත් පරිගණකයට මේ මිනිස්සු භාවිතා කරන උසස් මට්ටමේ  භාෂාව තේරුම් ගන්න බෑ.මේ හේතුව නිසා පරිගනකයට අපේ භාෂාවෙන් තියෙන දේවල් තේරුම් කරන්න මොකක්ම හරි උපක්‍රමයක් යොදන්න ඕනෙ.

පරිගණකභාෂා 

සරලවම පැහැදිලි කරනවා නම් පරිගණක භාෂාවක් කියල  කියන්නේ මිනිස්සුන්ට තේරෙනවා වගේම පරිගණකයටත් හොඳින් තේරුම් ගන්න පුළුවන් භාෂාවක් .හැබැයි මේක සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරන භාෂාවට වඩා ටිකක් සංකීර්ණයි  යම්කිසි තාර්කික බවක් මේකේ තියෙනවා.මේ පහලින් තියෙන්නේ ඒ වගේ පරිගණක භාෂාවක් භාවිතා කරල පරිගණකයට දීපු උපදෙස් මාලාවක බොහොම කෙටි සහ සරල උපදෙස් මාලාවක් බැලූ බැල්මට නොතේරෙනවා ඇති මේක ටිකක් සංකීර්ණයි.




භාෂා පරිවර්තක

ඔයාලට මතක ඇති මම මුලින් කිව්වා පරිගණකයට තේරුම් ගන්න පුලුවන් වෙ න්නේ  යාන්ත්‍රික භාෂාව විතරයි කියලා .ඒ කියන්නේ 0 හෝ 1 කියන සංඛ්‍යා දෙක මගින් නිර්මාණ වෙලා තියෙන භාෂාවක්. හැබැයි උඩින් දාලා තියෙන රූපය තුල  පේනවා ඇති 0 වත්  1 වත් ඒ තුල අන්තර්ගත නොවන බව . ඒකෙ තියෙන්නෙ අපිට පුරුදු ඉංග්‍රීසි භාෂාව. මම මුලින් කියපු කාරණාවත් එක්ක කොහොමද  පරිගණකය මේ  ඉංග්‍රීසි භාෂාවෙන් ලියලා තියෙන්නේ කේතය තේරුම් ගන්නේ.

ඔයාලට පැහැදිලි ඇති යාන්ත්‍රික භාෂාව මිනිස්සුන්ට තේරුම් ගන්න බෑ. මිනිස්සු පාවිච්චි කරන උසස් මට්ටමේ භාෂාවක් පරිගණකයට තේරුම් ගන්න  බෑ .මේ හේතුව නිසා මෙහි පරිගණක භාෂාව තුළ භාෂා පරිවර්තකයකු නමින් හඳුන්වන  මෘදු කාංගයක් තියෙනවා .එම මෘදුකාංගය මගින් කරන්නේ  උසස් මට්ටමේ භාෂාවක වචන භාවිතා කරමින් යොදා ඇති විධාන යාන්ත්‍රික භාෂාවෙන් කේත බවට පරිවර්තනය කර මධ්‍ය සැකසුම් ඒකකයට  ලබාදී එය සකස් කර  යාන්ත්‍රික භාෂාවෙන් ලැබෙන ප්‍රතිඵල නැවත මිනිසාට තේරුම් ගත හැකි වන ලෙස උසස් මට්ටමේ භාෂාවක වචන වලින් නැවත තිරය මත මුද්‍රණය කිරීමයි.

තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ,භාෂා පරිවර්තකයකු මගින් සිදු වන්නේ යම්කිසි භාෂාවන් දෙකක් අතර අතරමැදියකු ලෙස කටයුතු කරමින් එම භාෂා දෙක අතර සන්නිවේදනය කිරීමයි .නිදසුනක් ලෙස දෙමළ පමණක් දන්න පුද්ගලයකු සහ සිංහල පමණක් දන්න පුද්ගලයෙකු අතර පහසුවෙන් සන්නිවේදනය කිරීමට නම් සිංහල සහ දෙමළ යන භාෂා දෙකම හොඳින් දන්න පුද්ගලයෙකු අවශ්‍ය වේ. එලෙසම මෙහිදීත් යාන්ත්‍රික භාෂාව සහ උසස් මට්ටමේ මිනිස් භාෂාවන් තේරුම් ගත හැකි පරිවර්තකයකු මගින් යාන්ත්‍රික භාෂාවේ විධාන මිනිස් භාෂාවේ විධාන  බවට පරිවර්තනය කිරීමත් මිනිස් භාෂාවෙන් ලැබෙන විධාන පරිගණකයට තේරුම් ගත හැකි ලෙස යාන්ත්‍රික භාෂාවේ විධාන බවටත් පරිවර්තනය කිරීම සිදු කරයි.



Comments

  1. We welcome everyone to our website! We are devoted to helping adults of all ages achieve their educational goals. please visit our website tutor Calgary site.

    ReplyDelete
  2. The best casinos in Washington State - GoYoFC
    What are 홀덤 족보 the 골드머니 casinos near Washington State? · Hollywood Casino at Penn National Race Course 바카라커뮤니티 · Ameristar 슈 의 캐릭터 슬롯 머신 Casino at Harrah's Pocono · Fairfield Casino at Bingo 1xbet 후기

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

01.පරිගණක් ජාලයක යනු කුමක්ද?

පරිගණක්  ජාලයක යනු කුමක්ද ? සරලවම කියනවා නම් එකිනෙක පහසුවෙන් සන්නිවේදනය කරන්න පුළුවන් වෙන විදිහට පරිගණක එකකට වඩා වැඩි ප්‍රමාණයක් රැහැන් මගින් හෝ රැහැන් රහිතව සම්බන්ද කරනවා නම් අපි ඒකට කියනවා පරිගණක ජාලයක් (Computer Network) කියලා . මේකෙදි විශේෂයෙන්ම දැනගන්න ඕන කරන දෙයක්  තමා පරිගණක විතරක්ම නෙවෙයි අපට ජාලගත  කරන්න පුළුවන් වෙන්නේ. පරිගණක (Computer) දුරකථන  (Tel phone) රූපවාහිනි (TV) මුද්‍රණ යන්ත්‍ර (Printers) සුපරීක්ෂක (Scanners)  ඔය උඩින් කියල තියෙන්නේ ජාලගත කරන්න පුළුවන් උපකරණ කිහිපයක් විතරයි.තවත් ගොඩක් තියනවා කියල මතක තියාගන්න. ඔයාලට ඒ මොනවද කියල දැනගන්න ඕනේ නම් මේ ලින්ක් එකෙන් යන්න  පරිගණක ජාලයක  සංරචක  01.සේවාදායක පරිගණකය (Server computer) ජාලයක තියන පරිගණක වර්ග දෙකක් තියනවා.එක වර්ගයක් තියනවා ඒවගෙන් කරන්නේ ජාලයේ තියෙන අනික් පරිගණක සහ අනෙකුත් උපාංග වලට අවශ්‍ය කරන  ලබාදෙන එක.මේවට අපි කියනවා  සේවාදායක  කියලා (Sever computer ).මේවා ගොඩක් මිලෙන්  සහ කාර්යක්ෂමතාවෙන් ඉහල පරිගණක වර්ගයක්. ...

02. IP ලිපින යොමු කිරීම / IP addressing

                                                     IP ලිපින යොමු කිරීම /  IP addressing                                                                IP එකක් කියන්නේ හරියට ගම්මානයක තියන ගෙදරක ලිපිනයක් වගේ දෙයකට.ඕනෑම ගෙදරකට ලිපිනයක් තියනවා ඒ වගේම අපිට ඒ ලිපිනය පාවිච්චිකරලා ඒ ගෙදර අනන්‍යව හදුනාගන්නත් පුළුවන්.                                                                 එතකොට ඔයාලට තේරෙනවා ඇති එක ගෙදරකට තියෙන්න පුළුවන් එක ලිපිනයක් විතරයි.එකම ලිපිනය ගෙවල් දෙකකට තියෙන්න විදිහක් නැහැ.මෙන්න මේ විදිහම තමා පරිගණක ජාලයක දීත් වෙන්නේ.ස...

විශ්ලේෂණ එන්ජිම / Analytical Engine

                                                            විශ්ලේෂණ එන්ජිම / Analytical Engine  විශ්ලේෂණ එන්ජිම යනු 19 වන සියවසේ මුල් භාගයේදී චාල්ස් බැබේජ් විසින් නිර්මාණය කරන ලද න්‍යායාත්මක යන්ත්‍රයකි. එය පළමු පොදු කාර්ය යාන්ත්‍රික පරිගණකය ලෙස සැලකෙන අතර එහි සැලසුම නවීන පරිගණක සඳහා අඩිතාලම දැමීය. Babbage's Analytical Engine යනු පරිගණකකරණයේ මුල් කාලයේ භාවිතා කරන ලද පන්ච් කාඩ් පද්ධති වලට සමාන පන්ච් කාඩ් වල ගබඩා කර ඇති උපදෙස් මාලාවක් භාවිතා කරමින් ඕනෑම ගණිතමය ගණනය කිරීමක් කළ හැකි යන්ත්‍රයක් වීමට අදහස් කරන ලදී. විශ්ලේෂණ එන්ජිම මෝලක් (නූතන මධ්‍යම සැකසුම් ඒකකයක් හෝ CPU එකකට සමාන), ගබඩාවක් (මතකය) සහ ආදාන සහ ප්‍රතිදාන උපාංග ඇතුළු කොටස් කිහිපයකින් සමන්විත විය. මෝල නිර්මාණය කර ඇත්තේ එකතු කිරීම සහ අඩු කිරීම වැනි මූලික ගණිතමය මෙහෙයුම් සිදු කිරීම සඳහා වන අතර ගබඩාව විචල්‍යවල අගයන් රඳවා ගැනීමට භාවිතා කරන ලදී. දත්ත කිය...