IP ලිපින යොමු කිරීම / IP addressing
IP එකක් කියන්නේ හරියට ගම්මානයක තියන ගෙදරක ලිපිනයක් වගේ දෙයකට.ඕනෑම ගෙදරකට ලිපිනයක් තියනවා ඒ වගේම අපිට ඒ ලිපිනය පාවිච්චිකරලා ඒ ගෙදර අනන්‍යව හදුනාගන්නත් පුළුවන්.
එතකොට ඔයාලට තේරෙනවා ඇති එක ගෙදරකට තියෙන්න පුළුවන් එක ලිපිනයක් විතරයි.එකම ලිපිනය ගෙවල් දෙකකට තියෙන්න විදිහක් නැහැ.මෙන්න මේ විදිහම තමා පරිගණක ජාලයක දීත් වෙන්නේ.සෑම පරිගණකයකටම වෙන් වුනු අනන්‍ය අංකයක් තියනවා .මේ අංකය පාවිච්චි කරලා අපිට පුළුවන්කම තියනව එම ජාලයේ තියෙන ඕනෑම පරිගණකයක් අනන්‍යව හදුනා ගන්න.
192.168.1.255 සියලුම කාණ්ඩ වල ඇති අගයන් 255 ට අඩු නිසා නිවැරදි වේ.
256.192.75.12 පළමු බිටු කාණ්ඩයේ අගය 256 ක් වේ.තිබිය හැක්කේ 255 දක්වා අගයන් පමණක් නිසා මෙය නිවැරදි නොවේ.

IP එකක් කියන්නේ හරියට ගම්මානයක තියන ගෙදරක ලිපිනයක් වගේ දෙයකට.ඕනෑම ගෙදරකට ලිපිනයක් තියනවා ඒ වගේම අපිට ඒ ලිපිනය පාවිච්චිකරලා ඒ ගෙදර අනන්‍යව හදුනාගන්නත් පුළුවන්.
එතකොට ඔයාලට තේරෙනවා ඇති එක ගෙදරකට තියෙන්න පුළුවන් එක ලිපිනයක් විතරයි.එකම ලිපිනය ගෙවල් දෙකකට තියෙන්න විදිහක් නැහැ.මෙන්න මේ විදිහම තමා පරිගණක ජාලයක දීත් වෙන්නේ.සෑම පරිගණකයකටම වෙන් වුනු අනන්‍ය අංකයක් තියනවා .මේ අංකය පාවිච්චි කරලා අපිට පුළුවන්කම තියනව එම ජාලයේ තියෙන ඕනෑම පරිගණකයක් අනන්‍යව හදුනා ගන්න.
1.1
මේ පාඩම පහත විදිහට පෙළගස්වන්න හිතුවා .මේ ටික උවමන්වෙන් බැලුවොත් ඔයාලටA /L විභාගයේදී කිසිම ප්‍රශ්නයක් නැතුව IP ගණන් හදාගන්න පුළුවන් වෙනවා.එක වගකිමෙන් කියනවා.
01.කොහොමද නිවැරදි IP ලිපිනයක් අදුන ගන්නේ
02.IP ලිපින පන්ති මොනවද ?
03.Net ID සහ Host ID කියන්නේ මොකක්ද?
01.කොහොමද නිවැරදි IP ලිපිනයක් අදුන ගන්නේ
IP ලිපිනයක් බිටු අටේ (8 bit ) කොටස් හතරකින් නිර්මාණය වෙලා තියෙන්නේ.මේ එක කොටසක පවතින්න පුළුවන් වෙන්නේ 0-255 අතර අගයන් පමණයි.එකට හේතුව තමා 28=256 නිසා.එතකොට 0 සිට 255 දක්වා උපරිම ඉලක්කම් ගණන 256 යි.එක් එක් බිටු කාණ්ඩ වෙන්කිරීම සදහා ". " භාවිතා කරයි.මේ නිසා අනිවරෙන්ම නිවැරදි IP ලිපිනයක් නම් එකේ කොටස් හතරේම අන්තර්ගත වෙන්න පුළුවන් 255 ට අඩු සංඛ්‍යා පමණයි .ගොඩක් වෙලාවට මේ IP ලිපිනය අපිට දශමය ආකාරයෙන් පෙනුනට තියෙන්නේ ද්විමය ආකාරයට.ඒ ගැන තේරේවි පහල පින්තූරයෙන්
256.192.75.12 පළමු බිටු කාණ්ඩයේ අගය 256 ක් වේ.තිබිය හැක්කේ 255 දක්වා අගයන් පමණක් නිසා මෙය නිවැරදි නොවේ.
02.IP ලිපින පන්ති මොනවද ?
පරිගණක ජාලයන් හි භාවිතාවන IP ලිපින කාණ්ඩ පහකට වෙන්කරලා තියනවා.මෙහෙම් වෙන් තියෙන්නේ ජාත්‍යන්තර සම්මතයකට අනුව ඒ ඒ ජාල වල විශාලත්වය අනුව ඒවාට සරිලන විදිහට IP ලිපින ලබාදීමේ පහසුව නිසා.මේ දේ වැඩිය හිතන්නෙපා මෙතැනදී නොතේරුනාට පාඩම ඉවර වෙනකොට මේක ඔයාට තේරෙනවා.
සරලව මෙම පන්ති A,B,C,D,E විදිහට නම් කරලා තියනවා.මෙම පන්තිවල තියෙන ප්‍රදාන වෙනස් කම් පහතින් පෙන්වලා තියෙනවා.IP ලිපිනයක පන්තිය අදුන ගන්න නම් මේ පහල තියන විස්තරේ හොදට මතක තියාගන්න වෙනවා.IP ලිපිනයක පන්තිය අදුන ගන්න පහසුම ක්‍රමය තමා ඒ ලිපිනයේ පළමු කාණ්ඩය තුල තියෙන සංඛ්‍යාව පවතින පරාසය .මතක තියාගන්න අපි ජාලකරණයේදී යොදාගන්නේ C පන්තියේ ලිපින පරාසය කියන එක.
පන්තිය පළමු බිටු කාණ්ඩයේ අගය- -පරාසය
A 0 - 126
B 128 - 191
C 192 - 233
D 234 - 239
E 240 - 254
ඔයාලට පේනවා ඇති A පන්තිය 126 න් ඉවරවෙලා B පන්තිය පටන්ගන්නේ 128 න් .127 ට මොකද උනේ කියල බලනවා ඇති..මේ 127 න් පටන් ගන්න ලිපින පරාසය විශේෂ කාර්යක් සදහා භාවිතා කරනවා.ඒක පවිච්චි වෙන්නේ Web Hosting වලදී .මේක ඔයාලට අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි.ඒ ගැන ඕනේ නම් comment එකක් දාන්න ඒ ගැන වෙනම ලිපියක් ලියන්නම් .
03.Net ID සහ Host ID කියන්නේ මොකක්ද?
ඕනෑම් IP ලිපිනයක් කොටස් දෙකකින් යුක්ත වෙනවා.එකක් ජාල කොටස(Net ID ).අනෙක දාරක කොටස (Host ID ).
Net ID කොටස මගින් ජාලය අනන්‍යව හදුනාගන්න අතරම Host ID මගින් පරිගණකය අනන්‍යව හදුනාගන්නවා.
මෙතැනදී ජාලය හදුනාගන්නව කියන්නේ මෙහෙමයි.හිතන්නකෝ පාසලක ගොඩනැගිලි කිහිපයක් ජාලගත කරලා තියනවා කියල .එතකොට එකම ප්‍රදේශයක එකට සම්බන්ද උණු පරිගණක ජාල ගණනාවක් තියෙනවනේ.ඒ වෙලාවට ජාලය පාලනය කරනකොට එක එක ජාලය අනන්‍යව හදුනගැනීමේ අවශ්‍යතාව ඇතිවෙනවා .
ඒ වගේම මතක තියාගත් යුතුම කාරණයක් තම එක් එක් IP ලිපින පන්තිවලදී ජාල කොටසට සහ දාරක කොටසට වෙන් කරන බිටු කාණ්ඩ ප්‍රමාණය වෙනස්.ඒක පහත රූපෙන් පැහැදිලිව පෙනෙයි.

තව අපිට කතාකරන්න තියෙනවා IP ලිපින යොමු කිරීම සහ උපජාල නිර්මාණය කිරීම කියන මාතෘකා දෙක.ඒවා අපි මීලග ලිපියෙන් සාකච්චා කරමු.
******* සුභ දවසක්.********


Comments
Post a Comment