Skip to main content

පරිගණක භාෂා භාවිතාකර ගැටළු විසඳීම 


 ඔයාට දැන් හොදටම පැහැදිලි ඇති මොනවද පරිගණක භාෂා කියන්නේ ,ඇයි අපිට පරිගණක භාෂාවක් අවශ්‍යවෙන්නේ කියන කාරණාව .

අපිට සාමාන්‍ය  එදිනෙදා හම්බෙන සමහර ගැටළු නැවත නැවත එකම ආකාරයට අපිට හම්බෙනවා වෙන්න පුළුවන් .උදාහරණයක් විදිහට හිතමු අපිට වෘතයක වර්ගඵලය ගණනය කරගන්න ඕනේ වෙනවා කියල .මේ ගැටලුව අපිට දහපාරක් හම්බුනා කියල හිතමුකෝ .සාමාන්‍යයයෙන් වෘතයක වර්ගඵලය ගණනය කරගන්නේ πr*r සුත්‍රය පාවිච්චිකරලා .

දසවතාවක් මේ සුත්‍රය ලියල අගයන් අදෙෂකරලා මේ ගැටලුව විසඳනවාට  වඩා ,පරිගණකයට මේ සුත්‍රය කියල දීල අපිට ඕනේ අගයන් දුන්නම ඊට අදාල විදිහට ගණනය කිරීම කරල අවසාන ප්‍රතිඵලය විතරක් දෙන්න කියල කියල දුන්නොත් කොයි  තරම් නම් පහසුවක් තියනවාද ?මෙන්න මේ දේට තම අපි පරිගණකය භාවිතා කරලා ගැටළු විසඳනව කියල කියන්නේ.

පරිගණකය භාවිතාකරලා ගැටළුවක් විසදන්න කලින් අපි ඒ ගැටලුව අතින් විසඳන්න ඕනේ .ඊටපස්සේ අපි ගැටලුව විසඳපු පියවර ටික පරිගණකයට කියල දෙන්න ඕනේ .එතකොට පරිගණකයට පුළුවන් වෙනවා මේ විසඳපු ගැටලුවට සමාන ගැටළුවක් ආයේ හම්බුනාම ඉතාම ඉක්මනින් එකට විසඳුම් ලබාදෙන්න පුළුවන් .පරිගණකයට යම් ගැටළුවක් විසඳන්න උපදස් දෙන්න අනුගමනය කරන ක්‍රියාවලියක් තියනවා .ඒ ක්‍රියාවලිය අනුගමනය කරලා තමා පරිගණකයට ගැටලුවක් විසඳන්න ඕන කරන උපදෙස් දෙන්න ඕනේ.

මේ ක්‍රියාවලිය ප්‍රධාන කරුණු 3කට පෙළගස්වන්න පුළුවන්.

01.ගැටලුව හඳුනාගැනීම 

02.එය විසඳන ආකාරය ගලිම්සටහන් මගින් ඉදිරිපත් කිරීම 

03.ගැලීම් සටහනට අදාල ව්‍යාජ කේතය නිර්මාණය කිරීම 

04.ව්‍යාජ කේතයට අදාලව පරිගණක ක්‍රමලේඛණය නිර්මාණය කිරීම


Comments

Popular posts from this blog

01.පරිගණක් ජාලයක යනු කුමක්ද?

පරිගණක්  ජාලයක යනු කුමක්ද ? සරලවම කියනවා නම් එකිනෙක පහසුවෙන් සන්නිවේදනය කරන්න පුළුවන් වෙන විදිහට පරිගණක එකකට වඩා වැඩි ප්‍රමාණයක් රැහැන් මගින් හෝ රැහැන් රහිතව සම්බන්ද කරනවා නම් අපි ඒකට කියනවා පරිගණක ජාලයක් (Computer Network) කියලා . මේකෙදි විශේෂයෙන්ම දැනගන්න ඕන කරන දෙයක්  තමා පරිගණක විතරක්ම නෙවෙයි අපට ජාලගත  කරන්න පුළුවන් වෙන්නේ. පරිගණක (Computer) දුරකථන  (Tel phone) රූපවාහිනි (TV) මුද්‍රණ යන්ත්‍ර (Printers) සුපරීක්ෂක (Scanners)  ඔය උඩින් කියල තියෙන්නේ ජාලගත කරන්න පුළුවන් උපකරණ කිහිපයක් විතරයි.තවත් ගොඩක් තියනවා කියල මතක තියාගන්න. ඔයාලට ඒ මොනවද කියල දැනගන්න ඕනේ නම් මේ ලින්ක් එකෙන් යන්න  පරිගණක ජාලයක  සංරචක  01.සේවාදායක පරිගණකය (Server computer) ජාලයක තියන පරිගණක වර්ග දෙකක් තියනවා.එක වර්ගයක් තියනවා ඒවගෙන් කරන්නේ ජාලයේ තියෙන අනික් පරිගණක සහ අනෙකුත් උපාංග වලට අවශ්‍ය කරන  ලබාදෙන එක.මේවට අපි කියනවා  සේවාදායක  කියලා (Sever computer ).මේවා ගොඩක් මිලෙන්  සහ කාර්යක්ෂමතාවෙන් ඉහල පරිගණක වර්ගයක්. ...

02. IP ලිපින යොමු කිරීම / IP addressing

                                                     IP ලිපින යොමු කිරීම /  IP addressing                                                                IP එකක් කියන්නේ හරියට ගම්මානයක තියන ගෙදරක ලිපිනයක් වගේ දෙයකට.ඕනෑම ගෙදරකට ලිපිනයක් තියනවා ඒ වගේම අපිට ඒ ලිපිනය පාවිච්චිකරලා ඒ ගෙදර අනන්‍යව හදුනාගන්නත් පුළුවන්.                                                                 එතකොට ඔයාලට තේරෙනවා ඇති එක ගෙදරකට තියෙන්න පුළුවන් එක ලිපිනයක් විතරයි.එකම ලිපිනය ගෙවල් දෙකකට තියෙන්න විදිහක් නැහැ.මෙන්න මේ විදිහම තමා පරිගණක ජාලයක දීත් වෙන්නේ.ස...

විශ්ලේෂණ එන්ජිම / Analytical Engine

                                                            විශ්ලේෂණ එන්ජිම / Analytical Engine  විශ්ලේෂණ එන්ජිම යනු 19 වන සියවසේ මුල් භාගයේදී චාල්ස් බැබේජ් විසින් නිර්මාණය කරන ලද න්‍යායාත්මක යන්ත්‍රයකි. එය පළමු පොදු කාර්ය යාන්ත්‍රික පරිගණකය ලෙස සැලකෙන අතර එහි සැලසුම නවීන පරිගණක සඳහා අඩිතාලම දැමීය. Babbage's Analytical Engine යනු පරිගණකකරණයේ මුල් කාලයේ භාවිතා කරන ලද පන්ච් කාඩ් පද්ධති වලට සමාන පන්ච් කාඩ් වල ගබඩා කර ඇති උපදෙස් මාලාවක් භාවිතා කරමින් ඕනෑම ගණිතමය ගණනය කිරීමක් කළ හැකි යන්ත්‍රයක් වීමට අදහස් කරන ලදී. විශ්ලේෂණ එන්ජිම මෝලක් (නූතන මධ්‍යම සැකසුම් ඒකකයක් හෝ CPU එකකට සමාන), ගබඩාවක් (මතකය) සහ ආදාන සහ ප්‍රතිදාන උපාංග ඇතුළු කොටස් කිහිපයකින් සමන්විත විය. මෝල නිර්මාණය කර ඇත්තේ එකතු කිරීම සහ අඩු කිරීම වැනි මූලික ගණිතමය මෙහෙයුම් සිදු කිරීම සඳහා වන අතර ගබඩාව විචල්‍යවල අගයන් රඳවා ගැනීමට භාවිතා කරන ලදී. දත්ත කිය...