Skip to main content

Posts

Showing posts from December, 2020
පරිගණක භාෂා භාවිතාකර ගැටළු විසඳීම   ඔයාට දැන් හොදටම පැහැදිලි ඇති මොනවද පරිගණක භාෂා කියන්නේ ,ඇයි අපිට පරිගණක භාෂාවක් අවශ්‍යවෙන්නේ කියන කාරණාව . අපිට සාමාන්‍ය  එදිනෙදා හම්බෙන සමහර ගැටළු නැවත නැවත එකම ආකාරයට අපිට හම්බෙනවා වෙන්න පුළුවන් .උදාහරණයක් විදිහට හිතමු අපිට වෘතයක වර්ගඵලය ගණනය කරගන්න ඕනේ වෙනවා කියල .මේ ගැටලුව අපිට දහපාරක් හම්බුනා කියල හිතමුකෝ .සාමාන්‍යයයෙන් වෘතයක වර්ගඵලය ගණනය කරගන්නේ πr*r සුත්‍රය පාවිච්චිකරලා . දසවතාවක් මේ සුත්‍රය ලියල අගයන් අදෙෂකරලා මේ ගැටලුව විසඳනවාට  වඩා ,පරිගණකයට මේ සුත්‍රය කියල දීල අපිට ඕනේ අගයන් දුන්නම ඊට අදාල විදිහට ගණනය කිරීම කරල අවසාන ප්‍රතිඵලය විතරක් දෙන්න කියල කියල දුන්නොත් කොයි  තරම් නම් පහසුවක් තියනවාද ?මෙන්න මේ දේට තම අපි පරිගණකය භාවිතා කරලා ගැටළු විසඳනව කියල කියන්නේ. පරිගණකය භාවිතාකරලා ගැටළුවක් විසදන්න කලින් අපි ඒ ගැටලුව අතින් විසඳන්න ඕනේ .ඊටපස්සේ අපි ගැටලුව විසඳපු පියවර ටික පරිගණකයට කියල දෙන්න ඕනේ .එතකොට පරිගණකයට පුළුවන් වෙනවා මේ විසඳපු ගැටලුවට සමාන ගැටළුවක් ආයේ හම්බුනාම ඉතාම ඉක්මනින් එකට විසඳුම් ලබාදෙන්න පුළුවන් .පරිගණකය...